ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2026 වසරේ පළමු භාගය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අගයන් මධ්‍යස්ථ ප්‍රවණතාවක් යටතේ ඉහළ ගොස් ඇති අතර, සමස්ත ඉඩම් තක්සේරු දර්ශකය (LVI) ගගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 5.9%කින් වර්ධනය වී තිබේ.
මෙම වර්ධනය තුළ වාණිජ, කාර්මික සහ නේවාසික යන අංශ තුනම මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ඉන් වැඩිම ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ නේවාසික ඉඩම් තක්සේරු දර්ශකයෙනි (6.7%). එසේම, වාණිජ ඉඩම් දර්ශකය 5.7කින් සහ කාර්මික ඉඩම් දර්ශකය 5.2%කින් ඉහළ ගොස් ඇත. 2025 වසරේ දෙවන භාගයට සාපේක්ෂව ද 2026 පළමු මාස හය තුළ නේවාසික සහ කාර්මික ඉඩම් අගයන්හි ප්‍රබල වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව පවසයි.














