මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර නැරඹීම සඳහා අති විශාල ජනතාවක් ඊයේ (18) මහනුවර නගරයට පැමිණ සිටියහ.
පෙරහර ආරම්භ වීමට පැය ගණනාවකට පෙර සිටම පෙරහර මාර්ගය දෙපස ජනතාවගෙන් පිරී ගොස් තිබූ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවන් ද යොදවා තිබිණි. කුඩා දරුවන්ට පෙරහර පෙන්වීමෙන් වස්දොස් දුරුවන බවට පවතින ජනප්‍රවාදය හේතුවෙන් මෙදින තම දරුවන් රැගෙන පැමිණි පිරිස විශේෂයෙන් දක්නට ලැබුණි.














