ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා සහ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කර ඇත. තම රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය තුළ ශ්‍රී ලංකා රජයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුණු සහයෝගය පිළිබඳව තානාපතිවරයා ස්තූතිය පළ කළ අතර, ඉදිරියටත් දෙරට අතර සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඊජිප්තුවේ ඇති කැපවීම නැවත තහවුරු කළේය.














