මින්නේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යාන වෙත දිනකට විශාල වශයෙන් ජීප් රථ ඇතුළු වීමෙන් වනජීවීන්ට සහ පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා එම උද්‍යානවල සංචාරකයන් රැඳී සිටිය යුතු අවම කාලසීමාවක් නියම කිරීමට තීරණය කර ඇත. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මින්නේරිය, කවුඩුල්ල සහ හුරුලු ජාතික උද්‍යානවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
මෙම උද්‍යානවල සංචාරක තදබදය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක ධාරණ ධාරිතා අධ්‍යයනයක් සිදුකිරීමටත්, මින්නේරිය උද්‍යානයට ඇතුළුවීම සඳහා සීගිරිය-පේක්කුලම ආශ්‍රිතව නව පිවිසුමක් හා පස්වරු 2.00න් පසු ඇතුළුවන වාහන බටුඔය පිටවීම හරහා යොමු කිරීමටත් සැලසුම් කර ඇත. මීට අමතරව, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් මාර්ගගත ක්‍රමයට (Online Ticketing) ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, උද්‍යාන තුළ කෞතුකාගාර නවීකරණය කිරීමටත්, වනජීවී දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම සඳහා සිහිවටන අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ.














