ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ දෙවැනි කුඹල් පෙරහැර අද (19) දින වීදි සංචාරය කිරීමට නියමිතය.
දෙවැනි කුඹල් පෙරහැර පස්වරු 6:41ට යෙදී ඇති සුබ මුහුර්තයෙන් ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රාජා වීදිය ඔස්සේ ගමන් කර යළි දළදා මාලිගාව වෙත ළඟා වනු ඇත. පෙරහැර සමය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, මාර්ග අවහිර කිරීම්, ආරක්ෂක පරීක්ෂාවන් සහ වාහන හැරවීම් මෙන්ම විශේෂ රථගාල් ද සූදානම් කර ඇත.
මහනුවර නගරයට පැමිණෙන ජනතාවට සහ රියැදුරන්ට පහසුකම් සැලසීම සඳහා පොලිසිය විසින් විකල්ප මාර්ග සහ ගමනාගමන විධිවිධාන හඳුන්වා දී තිබේ.














