ගල්ෆ් කලාපයේ මුහුදු මාර්ග ඉලක්ක කර ඉරානය විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් ඉරාන දෙසින් පැමිණි මෙම මිසයිල හඳුනාගෙන ඇති අතර, ඉන් පළමුවැන්න දේශීය ජල සීමාවෙන් පිටතටත්, දෙවැන්න දේශීය ජල සීමාව තුළටත් පතිත වී ඇත. සමුද්‍රීය සංචාලනය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව තහවුරු කර ඇති අතර, කලාපීය උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉරානය සමඟ පැවති සියලු වෙළඳ සහ මූල්‍ය ගනුදෙනු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද එරට රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම චෝදනාව ඉරාන විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. එසේ වුවද, ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාම ගිවිසුමකට එළඹෙන තෙක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවට ඉරානය අනතුරු ඇඟවීමක් කර ඇත.














