රේගු බදු ගෙවීමකින් තොරව නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සිගරට් 12,000ක් සමඟ චීන ජාතිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (18) රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 34 යන වයස්වල පසුවන චීන ජාතිකයින් වේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















