මෙම සැකකරු සතුව තිබී පොලිස් නිල ඇඳුම් දහයක්, ජීව උණ්ඩ, අත්විලංගු කුට්ටම් සහ විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟින් පොලිස් හැඳුනුම්පත් මෙන්ම ජාත්‍යන්තර පොලිස් හැඳුනුම්පත් ද සොයාගැනීම මඟින් මෙහි ඇති සංවිධානාත්මක ස්වභාවය මැනවින් අනාවරණය වේ. මීට පෙර ඇමැති ආරක්ෂක අංශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කර ඇති මොහු, මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කරන සමයේ සිදුවූ රත්‍රං සොරකමක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වීමෙන් පසු නීති විරෝධී ජාවාරම් සඳහා සම්පූර්ණයෙන්ම යොමු වී තිබීම බරපතල තත්ත්වයකි.
ආක්ෂක අංශවල අභ්‍යන්තර ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල විනය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මෙම සිදුවීම බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරනු ලබයි. නීතියේ රැකවලුන්ම මෙලෙස අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ වීම ආයතනික ප්‍රතිරූපයට දැඩි හානියක් වන අතර, මෙවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ බුද්ධි මෙහෙයුම් අගය කළ යුතුය.















