සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (19) රාත්‍රී 6.41 ට උතුරු දිශාභිමුඛව වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් පිටත්ව, දළදා වීදිය සහ ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් යළි මාලිගය වෙත ගෙවැදීමට නියමිතය. ඊයේ (18) රාත්‍රී පැවති පළමු කුඹල් පෙරහැරේදී ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවන ලද අතර, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද පෙරහැරෙහි ගමන් කළේය.














