ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා අගෝස්තු 18 වන දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදා தளපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැළපවීමේ ක්‍රමවේද සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව නාවික හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
මුහුදු මාර්ග හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඬලීමට සහ රටේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී කාර්යභාරය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිතුමා සහ සන්නද්ධ හසමුදා ප්‍රධානියා වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයන් වෙත සිය ප්‍රශංසාව පළ කළේය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩල ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.














