මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ සාමාජිකයකු යැයි සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරනු ලබන “ශිරාන් බාසික්” නැමැත්තාගේ දුරකථන දත්ත වාර්තා සහ බැංකු ගිණුම් විස්තර කඩිනමින් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, මෙරට දුරකථන සමාගම් තුනකට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයාට මෙම නියෝගය නිකුත් කර ඇත. සැකකරු පසුගිය අගෝස්තු 14 වන දින කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන ක්‍රියාත්මක වේ.














