දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවී ඇති ගොවීන් සඳහා කෘෂි රක්ෂණ වන්දි ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර ආදී දිස්ත්රික්කවල වී සහ බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වේ. හානියට පත් බඩ ඉරිඟු ඇතුළු බෝග 6 ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000 ක මුදලක් උපරිම වශයෙන් අක්කර 5 කට ගෙවීමට නියමිත අතර, මේ වන විට හඳුනාගෙන ඇති හානියට පත් කුඹුරු අක්කර 6,073 ක ප්රමාණයකට අයත් ගොවීන් 4,707 කට ආසන්න පිරිසකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු යොදා ඇත.
ගොවි මහතුන්ට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ **1918** යන අංකය ඇමතීමේ පහසුකම සලසා දී ඇත.














