අනුරාධපුර මල්වතු ඔයට බාලවයස්කාර දරුවන් දෙදෙනා තල්ලු කර මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන සටහන්, ඉදිරි උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර තිබේ.
මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි සේනානි ත්‍රිමාවිතාන නමැති සැකකාර මව මාස දෙකකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට පසුව උතුරු මැද පළාත් මහාධිකරණය මඟින් ඇප මත මුදා හැර ඇත. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පිටාර ගලමින් තිබූ මල්වතු ඔයට ඉකුත් 2 වැනිදා අලුයම් කාලයේදී ඇය විසින් සිය පිරිමි දරුවා සහ දියණිය තල්ලු කර මեම අපරාධය සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී තිබේ.














