වීරකම් පදක්කම්ලාභී විශ්‍රාමික ගුවන් හමුදා ෆ්ලයිට් ලුතිනන් ශාන්ත ජයතිලක මහතා යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1), 120 සහ 123 වගතුතිවලට අනුව මෙම පෙත්සම ගොනු කර ඇති ඒ මහතා, යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න තීරණය කරන ලෙස ඉල්ලා ඇත. අගවිනිසුරුවරයාට පමණක් විශේෂ ෂස්-වසරක ධුර කාලයක් ලබා දීම සම්බන්ධයෙන් මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය ද සිය පෙත්සමෙන් මතු කර ඇති හිටපු ගුවන් හමුදා නිලධාරියා, ඒ පිළිබඳව තමාට ස්වයංව කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටී.














