රටේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අවසන් වන විට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ව්‍යාපෘති සමාලෝචන රැස්වීමකදී මෙම තොරතුරු අනාවරණය විය. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විසින් සමාලෝචනය කර ඇති අතර, ඊට අදාළ අවශ්‍ය සූදානම් කිරීමේ කටයුතු මේ වන විට අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් පවතී. රජයේ පුළුල් ඩිජිටල් ආර්ථික උපායමාර්ගික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති අතරට මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ද ඇතුළත් වේ.
















