ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලංකා දෙමළ සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමේදී මුහුණ දීමට සිදුවන නීතිමය සහ ප්‍රායෝගික බාධක ඉවත් කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ී සිටියේය.
පුරවැසිභාවය තහවුරු කිරීම, ආරක්ෂක නිෂ්කාශන, ගමන් බලපත්‍ර, නිවාස, ඉඩම්, රැකියා සහ යළි පදිංචි කිරීමේ ක්‍රියාවලදී සරණාගතයින් තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මෙයට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, යුද සමයේදී නිල පිටත්වීමේ ස්ථාන භාවිත නොකර රටින් බැහැර වූ ශ්‍රී ලංකා පුරවැසියන්ට මුහුණ දීමට සිදුවන නීතිමය බාධක ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත්ය.
















