අතුරුගිරිය, හබරකඩ සීලාලංකාර මාවතේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකෙරෙන විමර්ශන ඉතාමත් මන්දගාමී බවට ප්‍රදේශවාසීන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් දැඩි චෝදනා එල්ල වී තිබේ. සිද්ධිය වී දින කිහිපයක් ගතවී ඇතත්, ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඔවුහු දැඩි ප්‍රශ්න කිරීම් කරති.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර, වෙඩික්කරුවන් ගමන් කළ මාර්ගවල සීසීටීවී (CCTV) දර්ශන ඇතුළු සාක්ෂි රැසක් පොලිසිය විසින් භාරයට ගෙන ඇති බව පැවසේ. එහෙත්, එම සාක්ෂි ඔස්සේ සිදුකෙරෙන විමර්ශන ප්‍රමාණවත් වේගයකින් ඉදිරියට නොයන බවට චෝදනා නැඟේ. මෙම ප්‍රමාදයට කිසියම් බාහිර බලපෑමක් හෝ අල්ලස් ලබාදීමක් බලපා ඇත්ද යන්න පිළිබඳව ද ඇතැම් පාර්ශ්ව සැක පළ කර තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හබරකඩ කසුන්” නැමැත්තාගේ මස්සිනා වන හෝටල් හිමිකරුවෙකි. මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන මෙම තුවාලකරු සම්බන්ධයෙන් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස් මල්ලි” නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම ප්‍රහාරය සිදුවී ඇද්ද යන්න පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක් යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, ලබාගෙන ඇති සාක්ෂි පදනම් කරගනිමින් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වා සැබෑ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙස අදාළ පාර්ශ්ව දැඩිව ඉල්ී සිටිති.
















