අපවත් වී වදාළ සම්භාවනීය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා දිනයේදී දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානය වෙත වැඩම කරවා ඇති අතර, සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ සාහිත්‍යයට අනගි මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණ සිටිති.














