22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වීම මඟින් අධිකරණය මෙන්ම රටේ ජනතාව කෙරෙහි ද විශ්වාසය තහවුරු කර ගැනීමට මහෝපකාරී වන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පෙන්වා දී තිබේ.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීම සඳහා නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් බෙල්ලන්විල රජමහා විහාරයේදී උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියන් සඳහන් කර ඇත්තේ මහා නායක හිමිවරුන් විසින් රජය වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳව තමන් වහන්සේ බලවත් සේ කනගාටුවට පත්වන බවයි.














