ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ හෝටලයක බදාදා අලුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය සහ බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
මෙම අනතුරින් මියගිය පිරිස අතර බංග්ලාදේශ ජාතිකයින් පස් දෙනෙකුද වන අතර, ඔවුන්ගෙන් හතර දෙනෙකුම එකම පවුලේ සාමාජිකයන් වේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොල්කටා වෙත පැමිණ සිටියදී මෙම පිරිස අනතුරට මුහුණ දී ඇති අතර, තවත් බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙකු තුවාල ලබා ප්‍රථම ආධාර ලබාදී රෝහල්වලින් මුදා හැර ඇත.
බදාදා අලුයම 2:50 ට පමණ හෝටල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ හටගත් මෙම ගින්න පැයක් ඇතුළත මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදාව සමත් වී ඇති අතර, විදුලි කෙටි පරිපථයක් ගින්නට හේතුවන්නට ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ. බජට් හෝටල් සහ ආපනශාලා බහුල තදබදයකින් යුත් ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයෙන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ ආරක්ෂිතව මුදාගැනීමට ගිනි නිවන භටයින් සමත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව බලධාරීන් පවසා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















