ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනි කොලන්නේ මහත්මිය නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ (National Defence College – NDC) 66 වන පාඨමාලාව අමතමින් විශේෂ දේශනයක් පවත්වා තිබේ.
‘ඉන්දියාව – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා: නිර්ණායක, තත්ත්වය, අවස්ථා, අභියෝග සහ ඉදිරි මාවත’ යන තේමාව යටතේ මෙම දේශනය පවත්වා ඇති අතර, මීට පෙර 2025 අගෝස්තු මාසයේදීද මෙහි 65 වන පාඨමාලාව අමතා ඇය දේශනයක් පවත්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දීය සන්නද්ධ හමුදා, සිවිල් සේවා, පොලිස් සේවය සහ ඉන්දීය රජයේ විවිධ ආයතන නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 122 දෙනෙකු සහ ශ්‍රී ලංකාව ඇතුළු විදේශීය රටවලින් පැමිණි නිලධාරීන් 41 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත.
















