22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ උත්තරීතර අධිකරණ විනිසුරුවරුන් පත් නොකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (20) පාර්ලිමේන්තුවට පැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මීට සති කිහිපයකට පෙර නීතිඥ සංගමයෙන් කළ ඉල්ලීමක් මත, 22 වැනි සංශෝධනය සහ අදාළ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර ඇත.
ඒ පිළිබඳව කථානායකවරයාව දැනුවත් කර ඇති අතර, අද දහවල් 12:00 සිට 1:30 දක්වා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට පැමිණ සාකච්ඡා කිරීමට සූදානම් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා හමුවී අදහස් දැක්වූ ආකාරයටම, මෙම අවස්ථාව සඳහා ද 225ම මන්ත්‍රීවරුන් සහභාගී වී සුහදශීලී අදහස් හුවමාරුවකට එකතු වන ලෙස ඔහු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ා සිටියේය.
















