රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින්, රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට නියමිත බවත්, සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ. වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික ඩිජිටල් සුපර් ඇප් ව්‍යාපෘතිය ඇතුළු තවත් ප්‍රජා හිතකාමී ඩිජිටල් සේවාවන් රැසක ප්‍රගතිය මෙහිදී විමසා බැලිණි.
















