ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේ පළමු දින 16 තුළ පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 113,307 ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර, 2026 ජනවාරි 01 වැනි දින සිට අගෝස්තු 16 වැනි දින දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන්ගේ මුළු එකතුව 1,456,725 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම කාලසීමාව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නිල දත්ත වලට අනුව, ඉන්දියානු ජාතිකයන් 25,355 ක් (සමස්ත සංචාරක ප්‍රමාණයෙන් 22% ක් පමණ) පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 12,738 ක් සහ ප්‍රංශයෙන් සංචාරකයන් 8,106 ක් මේ අතර වෙති. වසරේ සමස්ත ආගමන දත්ත ද සැලකීමේදී ඉන්දියාව සහ එක්සත් රාජධානිය පෙරමුණ ගෙන සිටී.
















