මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය බන්ධනාගාර පොලිස් ඒකකයේ නිලධාරි 10 දෙනා වෙනුවෙන් වන්දි හා උපහාර පිදීමේ උත්සවයක් හෙට (21දා) පෙරවරු 9.30ට වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්වේ.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනකු මියගිය අතර ඔවුන් වෙනුවෙන් අග්රහාර රක්ෂණය යටතේ මෙම වන්දි ලබාදීමට නියමිතය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේමන්ත ප්රසාද් මහතා ඇතුළු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකරන මෙම වැඩසටහනේදී වන්දි ලබාගැනීමට මියගිය නිලධාරීන්ගේ ඥාතීන් හා දූ දරුවන් සහභාගි වනු ඇත.
















