වෙඩි වැදීමට ලක්වී දකුණු පාදයට බරපතළ ලෙස තුවාල සිදුවී අතරමංවී සිටි අවුරුදු 2 1/2ක් පමණ වයසැති ඇත්පැටවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ‘උඩවලව ඇත්අතුරු සෙවණට’ 18 දා සවස රැගෙන ගිය බව වයඹ පළාත් සහකාර වන ජීවී අධ්යක්ෂ ප්‍රසන්න විමලදාස මහතා දිවයිනට පැවසීය.
දින කීපයකට පෙර මොරගොල්ලාගම හේරත්ගම වන ජීවී කලාපයට අයත් නිකවැව තිබ්බටුවැව ඉස්මත්තේ වෙඩි වැදීමෙන් ගමන් කිරීමට අපහසු ඇත් පැටවා හමුවිය. ආහාර, වතුර නොමැතිව අසරණව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඇත්පැටවා ප්‍රදේශවාසීන්ගේ සහ හේරත්ගම වන ජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙසේ සුවපත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් විය.
වන ජීවී පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක යෙදී සිටින මේ මොහොතේ යුද, නාවික සහ ගුවන් හමුදා පශු වෛද්‍ය නිලධාරීන් ඇත් පැටවා සුවපත් කිරීමට යුහුසුලුව ප්‍රතිකාර කළහ. ඇත්පැටවාගේ දකුණු පාදයේ ඉහළ කොටසට, බඳින තුවක්කුවකින් වැදුණු වෙඩිල්ලකින් තුවාල සිදුවී ඇත.














