රටේ ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට බලපා ඇත්තේ නියඟයක් නොව වියළි කාලගුණික තත්ත්වයක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
දැනට වියළි කාලගුණික තත්ත්වයක් පැවතීම නිසා පානීය, කෘෂිකර්ම ඇතුළු ගැටලු පැනනැඟී තිබෙන බවත්, මෙය නියඟයක් දක්වා යනු ඇතැයි පුරෝකථනය කෙරෙමින් පවතින බවත් ඒ මහතා කීය. නියඟයක් ඇතිවුවහොත් ආහාර හිඟයක් ඇතුළු බරපතළ තත්ත්වයන් ඇතිවන බවත්, දැනට වියළි කාලගුණික තත්ත්වයට මුහුණදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඇතුළු ආයතන කිහිපයක්, ජල බවුසර් මගින් ජලය බෙදාහැරීම සහ ජල ටැංකි ලබාදීම ඇතුළු කාර්යයන් සිදුකරමින් සිටින බවද කොඩිප්පිලි මහතා පැවසීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පැවතියද නිරිතදිග ඇතුළු ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ වර්ෂාපතනයක් වාර්තා වන බවත්, එය එල්නිනෝ තත්ත්වයේ ස්වභාවය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














