කැමරූන් දේශසීමාව ආසන්නයේ Zamboye ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ කුඩා පරිමාණ රන් පතලක භූගත උමං කිහිපයක් හදිසියේ කඩා වැටීමත් සමඟ මෙම ඛේදජනක අනතුර සිදුව තිබෙන අතර, ඉන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් බරපතළ ලෙස විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු තත්ත්වයක පවතින බවත් බලධාරීහු තහවුරු කරති.
අනතුරට මුහුණ පා ඇති ප්‍රදේශයේ ආරක්ෂිත ක්‍රමවේදවල පවතින දුර්වලතා සහ අවදානම් සහගත පතල් කර්මාන්ත ක්‍රමවේද හේතුවෙන් මෙවැනි මහා පරිමාණ මිනිස් ඝාතන සිදුවීම් අඛණ්ඩව වාර්තා වීම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු බරපතළ සමාජීය හා මානුෂීය අර්බුදයක් බවට පත්ව තිබේ.
මෙම ව්‍යසනයත් සමඟ අනවසර සහ නියාමනය නොකළ පතල් කර්මාන්ත පාලනය කිරීම සඳහා දැඩි නීතිමය හා ආයතනික පියවර අත්‍යවශ්‍ය වී ඇති අතර, අනාගතයේදී මෙවැනි ජීවිත හානි වළක්වා ගැනීම සඳහා කලාපීය බලධාරීන් කඩිනමින් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කෙේ.
















