ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පැවති ජාත්‍යන්තර වෙඩි තැබීමේ ශූරතා තරගාවලි දෙකක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා වෙඩික්කරුවන් පිරිස රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගනිමින් දිවයිනට පැමිණ තිබේ.
ඉන්දුනීසියාවේ බාලි විවෘත ජාත්‍යන්තර ප්‍රායෝගික පිස්තෝල කැලිබර් වෙඩි තැබීමේ ශූරතාවලිය 2026 සහ පිලිපීනයේ කඩයාවන් උත්සව වෙඩි තැබීමේ ශූරතාවලිය 2026 යන තරගාවලි සඳහා ලෝකයේ රටවල් 40ක වෙඩික්කරුවෝ සහභාගී වූහ.
මෙම පදක්කම්ලාභීන් අතර පාසල් සිසුන් තිදෙනෙකුද වන අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් සහ දෙමාපියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
















