ලෝකයේ වියළිම රටක් ලෙස සැලකෙන ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යයට හිටිහැටියේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රදේශ රැසක නායයෑම් සහ ජල ගැලීම් හටගෙන තිබේ.
චිලී කාලගුණ විද්‍යාඥයන් පවසන පරිදි, සාමාන්‍යයෙන් වසරක් පුරා ලැබෙන වර්ෂාපතනය පැය දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ පතිත වී ඇත. මෙම ආපදා තත්ත්වය නිසා උන්හිටිතැන් අහිමි වූ සංඛ්‍යාව 25,000 ඉක්මවා තිබේ. දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති ටොකොපිලා නගරයට සාමාන්‍යයෙන් වාර්ෂිකව ලැබෙන්නේ මිලිමීටර් 5ක වර්ෂාපතනයක් වුවද, ඊයේ (19) ගත වූ පැය කිහිපයක් තුළ එහි වර්ෂාපතනය මිලිමීටර් 30ක් දක්වා ඉහළ ගොස් ඇත.














