ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් පමණක් එරටට ගොස් දරුවෙකු ප්‍රසූත කිරීමට බලාපොරොත්තු වන අයෙකුගේ මූලික අරමුණ එය බව නිලධාරීන්ට තහවුරු වුවහොත්, එවැනි සංචාරක වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු .
‘උපත් සංචාරක ව්‍යාපාරය’ (Birth Tourism) ලෙස හැඳින්වෙන මෙම ක්‍රමයට සංචාරක වීසා මඟින් ඇමරිකාවට ඇතුළුවීම අනුමත කළ හැකි අරමුණක් නොවන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කරයි. 2020 ජනවාරි මාසයේදී B කාණ්ඩයේ සංචාරක නොවන වීසා නීතිවලට ගෙන එන ලද සංශෝධනයක් යටතේ මෙම ප්‍රතිපත්තිය දැඩි ලෙස ක්‍රියාත්මක වේ. වීසා බලපත්‍රයක් තිබූ පමණින් රටට ඇතුළුවීම සහතික නොවන අතර, ඇමරිකානු රේගු සහ දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් ළඟා වන ස්ථානයේදී එය අවසන් වරට තීරණය කරනු ලබයි.














