දිස්ත්‍රික් ධීවර කාර්යාල 15ක් සඳහා අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීම කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ (19) දින සිදු කෙරිණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම උත්සවය, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ධීවර ක්ෂේත්රයේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමින් ධීවර ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවාවන් වේගවත් හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම මෙම බඳවාගැනීම්වල ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.














