භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයෙකු සහ පෞද්ගලික බැංකු නිලධාරීන් හතර දෙනෙකු සැප්තැම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. එහිදී අදාළ සැකකාර බැංකු නිලධාරීන් හතර දෙනාගේ ඇප ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.














