ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඔහු විශාල මුදලක් වැය කර ඇති බව හෙළි වී තිබේ.
සැකකරු එක් දේශපාලනඥයෙකුට බස් රථ 50ක් සහ තවත් විශාල මුදල් ත්‍යාගයක් පිරිනසා ඇති අතර, එලෙස මුදල් ලබාගත් එක් දේශපාලනඥයෙකු කළුතර ප්‍රදේශය නියෝජනය කරන්නෙකු බව වාර්තා වේ. මෙම දේශපාලනඥයන් දෙදෙනාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගනිමින් සිටියි.
මීට අමතරව, සැකකරුගේ සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කර අදාළ වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇති අතර, ඔහුගේ ජාවාරම් ජාලය සහ අයථා මුදල් ඉපයීම් පිළිබඳ විමර්ශනය පිණිස මෙරට ප්‍රධාන දුරකථන සමාගම් තුනකටද නියෝග නිකුත් කර තිබේ.
තමා සතු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කරමින්, දෙහිවල සහ ගල්කිස්ස වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පහක් (ආන්දෝලනාත්මක සෝල් බීච් හෝටලයද ඇතුළුව) තමාට අයත් බවත්, නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණය සඳහා ඒවා වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන ගොස් ඇති බවත් සැකකරු පිළිගෙන ඇත. බොරලැස්ගමුව, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල අතිසුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම් සිදු කර ඇති බවත්, ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාතාල මැරයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කර තිබේ.














