ජනතාවගෙන් එකතු කරනු ලබන බදු මුදල් කිසිදු අපතේ යෑමකින් තොරව යළිත් එම ජනතාවගේම සුබසිද්ධිය සහ උන්නතිය වෙනුවෙන් පමණක් ආයෝජනය කරන බව රජය අවධාරණය කරන අතර, රටේ ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර කරමින් පවතින මේ මොහොතක ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් නංවාලීම ජාතික වශයෙන් අතිශයින් වැදගත් සංවර්ධන පියවරක් බවට පත්ව තිබේ.
බණ්ඩාරගම කොලමැදිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, කොලමැදිරිය කොට්ඨාශ සභාව ප්‍රතිසංවිධානය කරමින් ප්‍රාදේශීය මට්ටමින් ජනතා සේවාවන් වඩාත් විධිමත් හා සක්‍රීය කිරීමේ අරමුණින් ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත් සමඟ ඉදිරි කාලය තුළ ග්‍රාමීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත්, දිගුකාලීනව නොවිසඳුණු ප්‍රාදේශීය ගැටලු රැසකට තිරසාර විසඳුම් ලබා දීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙරට සංවර්ධන ක්‍රියාවලියේ සැබෑ ප්රතිලාභ නගරයට පමණක් සීමා නොවී අන්තිම ගම්මානය දක්වාම ගෙන යාම රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.














