ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වවුනියාව, පුරසන්කුලම් ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නක් සාර්ථකව පාලනය කර තිබේ.
ප්‍රදේශයේ ලැව්ගින්න වේගයෙන් පැතිරී යාම හේතුවෙන් පුරසන්කුලම් පොලිස් ස්ථානය විසින් කරන ලද දැනුම්දීමකට අනුව, ගුවන් හමුදා ගිනි නිවන සහ ගැලවුම්කරුවන්ගේ කණ්ඩායමක් වහාම එම ස්ථානයට යොදවා ඇත. ගුවන් හමුදා කණ්ඩායමේ කඩිනම් මැදිහත්වීම මත ගින්න තවදුරටත් පැතිරී යාම වැළැක්වීමට හැකි වූ අතර, ඒ හරහා අසල පිහිටි රක්ෂිත වනාන්තරයට සහ වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදුවිය හැකිව තිබූ දැඩි හානිය අවම කර ගැනීමට හැකි විය.
















