මෙවර යල කන්නයේදී මහවැලි ‘සී’ කලාපයේ වී ගොවීන් හෙක්ටයාරයකට වී කිලෝග්‍රෑම් 11,350ක වාර්තාගත කීරි සම්බා අස්වැන්නක් ලබාගෙන ඇති බව විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ “පුනරුදයට අරුණලු” ජාතික වැඩසටහනට සමගාමී “යාය 500” ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීමෙන් ගොවීන් 250 දෙනෙකු මේ සඳහා තෝරාගෙන තිබේ.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් එක් ගොවියෙකුට රුපියල් 50,000ක දිරි දීමනාවක් ලබාදී ඇත. අඩු වියදමකින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමටත්, ගොවි ආදායම වැඩිදියුණු කිරීමටත්, ජාතික සහල් නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත් මෙම වැඩසටහන සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
















