දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බදුල්ල කොට්ඨාසයේ අර්ධ හානි, අධි අවදානම් සහ පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි සහ මූල්‍ය ආධාර ලබා දීමේ නිල වැඩසටහන බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලද අතර, ආපදාවට ලක්වූ සුදුසුකම් ලත් පවුල් 248ක් සඳහා මෙලෙස රුපියල් ලක්ෂ 835ක මුදලක් මුදා හැරීමෙන් ජනතාවගේ ජීවිත යළි නගාසිටුවීමට රජය මූලිකත්වය ගෙන තිබේ.
සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා එක් නිවසකට රුපියල් ලක්ෂ 50 බැගින් සහ නව නිවාස මිලදී ගැනීම සඳහා පවුල් කිහිපයකට කෝටියක මුදලක් ලබා දී ඇති අතර, මීට අමතරව අර්ධ වශයෙන් හානි වූ නිවාස අලුත්වැඩියාව සඳහා සහ තක්සේරුවකින් තොරව නිලධාරී තහවුරු කිරීම් මත පදනම්ව රුපියල් ලක්ෂ 5 දක්වා වන ආධාරවල පළමු වාරික ලෙස අදාළ ප්‍රතිලාභී පවුල් වෙත චෙක්පත් බෙදා දීම සිදු කෙරිණි.
ආපදාවට ලක්වූ ජනතාවගේ දේපළ හා යටිතල පහසුකම් කඩිනමින් පෙර පැවති තත්ත්වයට වඩා ශක්තිමත් මට්ටමකින් ගොඩනැගීම රජයේ මූලික අපේක්ෂාව වී ඇති අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.
















