අතීත රස මතකාවර්ජනය කරමින් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ **”නූර්ති මංජරී”** වැඩසටහන ඊයේ (19 දා) ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
ජාතික තරුණ සේවා සභාවේ සෞන්දර්ය අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙහිදී ජනප්‍රිය නූර්ති ගීවල ඉතිහාසය සහ එම ගීත පිළිබඳ අතීත මතකාවර්ජනයක් සිදු කළ අතර, අදාළ ගී ගායනා සඳහා මනරම් රංගනයන් ප්‍රතිනිර්මාණය කිරීමද විශේෂාංගයක් විය.
මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්ත කූරගම, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සම්පත් පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.
















