අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවමකට සහ රුපියල් ලක්ෂයක දඩයකට යටත් වූ රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ මහත්මිය පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම් නියෝගය කොළඹ මහාධිකරණය මඟින් ස්ථිර කිරීමේ තීන්දුව කියවාදීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මහාධිකරණ තීන්දුව ඇයට කියවා දුන් මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් ඇප මත මුදා හරින බව සඳහන් කළේය. අදාළ නඩුව යළි සැප්තැම්බර් 28 වන දින කැඳවීමට නියමිතය.















