අපවත් වී වදාළ ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (21) දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (18) පස්වරුවේ උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු 76 කි. 1950 වසරේදී මොරවක රඹුකනදී උපත ලැබූ උන්වහන්සේ මෙරට බොදු බැති ගී කලාවට සුවිශේෂී සහ අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමකි. මේ වන විට උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.
















