දිවයිනේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සන්නාමයක් වන Home Lands Skyline ආයතනය, 2026 BestWeb.LK සම්මාන උළෙලේදී හොඳම ආයතනික වෙබ් අඩවිය සහ සමස්තයක් වශයෙන් හොඳම වෙබ් අඩවිය සඳහා වන ගෞරවනීය රන් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඩිජිටල් අවකාශය තුළ ආයතනික විශිෂ්ටත්වය තහවුරු කරමින් වාර්තා වූ මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඩිජිටල් ප්‍රමිතීන් ඉහළ නැංවීමට එම සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මනාව පෙන්නුම් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙවර තරගාවලිය සඳහා අයදුම්පත් 500කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබූ අතර, ඉන් කෙටි ලැයිස්තුගත කළ අයදුම්පත් 350ක් අතුරින් කාණ්ඩ 24ක් යටතේ සම්මාන 106ක් පිරිනමා ඇත. ආයෝජකයින්ට සහ අනාගත නිවාස හිමියන්ට තම දේපළ කළඹ පහසුවෙන් ගවේෂණය කිරීමට සහ අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි නවීන තාක්ෂණික අංගයන්ගෙන් සමන්විතව සකස් කර ඇති මෙම වෙබ් අඩවිය, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලෝක මට්ටමේ අත්දැකීමක් ලබා දීමට සමත්වීම මෙහි විශේෂත්වයයි.
මෙවැනි ජාතික මට්ටමේ ඇගයීම් හරහා සන්නාමයේ ඩිජිටල් අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් වන අතරම, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙය මහත් පිටුබලයක් වනු ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම සහ ප්‍රවේශ විය හැකි සේවාවක් සැලසීමේ අරමුණින්, ඉදිරියටත් සිය ඩිජිටල් මෙහෙයුම් පුළුල් කිරීමට සහ නව ප්‍රමිතීන් බිහි කිරීමට Home Lands ආයතනය අපේක්ෂා කරයි.
















