ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම විසින් ගම්පහ ප්‍රදේශයේ ඉදිකරන ලද විශාලතම සැලසුම්ගත නේවාසික ව්‍යාපෘතිය වන **”The Palace ගම්පහ”** නිවාස හිමියන්ට නිරවුල් ඔප්පු ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙය ව්‍යාපෘතියේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර, පාරිභෝගිකයන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සහ ඔවුන්ගේ විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සමාගම දක්වන කැපවීම මෙයින් මනාව තහවුරු වේ.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 100ක දුරින් සහ ගම්පහ මහ නගර සභා සීමාව තුළ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, ගම්පහ ප්‍රදේශයේ විශාලතම සැලසුම්ගත නේවාසික (condominium) ව්‍යාපෘතිය වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සියලු ගෘහභාණ්ඩ සහිත නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස 480ක් ඉදිකޮඩ ඇති අතර, නවීන පහසුකම්, සුවපහසුව සහ ආරක්ෂාව සමඟ පවුලකට අවශ්‍ය සියලු අංගයන්ගෙන් යුතුව එය සැලසුම් කර ඇත. අවශ්‍ය සියලුම රාජ්‍ය අනුමැතීන් සහ නීතිමය ලියකියවිලි ලියාපදිංචිය නිසි පරිදි සම්පූර්ණ කර ඇති බැවින්, නිවාස හිමියන්ට තම දේපළ අනාගතයේදී විකිණීමට, වෙනත් අයෙකුට පැවරීමට හෝ උරුම කර දීමට නිරවුල් ඔප්පු හිමිවේ.
“The Palace ගම්පහ” හි සීමිත නිවාස සංඛ්‍යාවක් පමණක් තවමත් මිලදී ගැනීමට ඉතිරිව ඇති අතර, සම්පූර්ණයෙන් ගෘහභාණ්ඩ සහිත නිවාස රුපියල් මිලියන 27.5 සිට ඉහළට ලබාගත හැකිය. ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමේ සිට නිවාස භාරදීම සහ ඔප්පු ලබාදීම දක්වා සෑම අදියරක්ම ඉහළ ප්‍රමිතියකින් සහ වගකීමෙන් යුතුව ඉටු කරමින්, පාරිභෝගිකයන් සඳහා සුරක්ෂිත ආයෝජනයක් සහ සතුටින් ජීවත් විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම නිරන්තරයෙන් කැපවී සිටී.















