ඉන්දියානු ආයතනික ක්ෂේත්රය ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුවේදී අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබේ. තැරැව්කාර සමාගම් පහක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ‘නිෆ්ටි 50’ (Nifty 50) සමාගම්වල ලාභ වර්ධනය 18%ක් වැනි වසර දෙකහමාරකට (කාර්තු 10කට) පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කර ඇත.
විශාල, මධ්‍යම සහ සුළු පරිමාණ සමාගම් රැසක් ආදායම් සහ ලාභ වර්ධනය අතින් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර, බැංකු, මූල්‍ය, ලෝහ, සිල්ලර වෙළඳාම සහ පාරිභෝගික භාණ්ඩ අංශ දැඩි ඉල්ලුමක් සමඟ ඉහළ ප්රතිලාභ ලබා තිබේ. කෙසේ වෙතත්, මැද පෙරදිග නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් තෙල් අලෙවි කරන සමාගම් පළමු කාර්තුවේදී දැඩි අලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ.














