2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර මීට සුළු වේලාවකට පෙර සාර්ථකව වීථි සංචාරය ආරම්භ කළේය.
මෙම පෙරහැර ශ්‍රී දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය සහ ඊ.එල්. සේනානායක වීදිය හරහා ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ මාලිගය වෙත ගෙවදීමට නියමිතය.














