හොංකොං ආර්ථික හා වෙළෙඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවී තිබේ. එහිදී වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, සංචාරක, මැණික් සහ කුළුබඩු ක්ෂේත්‍ර තුළ ආයෝජන සහ වෙළඳ ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් හොංකොං ව්‍යාපාරිකයන් දක්වන බව එම නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත. වසරකට සංචාරකයින් ලක්ෂ තිහක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර, විශේෂයෙන්ම අගය එකතු කළ භාණ්ඩ හා සේවා ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීමට රජයක් ලෙස කටයුතු කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම හමුව සඳහා හොංකොං ආර්ථික හා වෙළඳ කාර්යාලයේ (HKETO) අධ්‍යක්ෂ ජනරාල් ලිබෙරා චෙං මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.














