කොලොම්බියාවේ නාරිණෝ (Narino) දෙපාර්තමේන්තුවේ, පොලිකාර්පා (Policarpa) ප්රදේශයේ විවෘත ඛනිජ වළක (open-pit mine) බෑවුමක් කඩා වැටීමෙන් කම්කරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ප්රාදේශීය බලධාරීන් පවසයි. මුලින් වාර්තා වූ පරිදි පිපිරීමක් නිසා නොව, නායයෑමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව නිලධාරීහු තහවුරු කළහ. අතුරුදන් වූ සියලු දෙනා සොයා ගැනීමෙන් පසු ගිනි නිවන භටයින්, ප්රදේශවාසීන් සහ හෑරීමේ යන්ත්ර යොදා ගනිමින් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු අලුයම 2.00 පමණ වන විට අවසන් වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














