පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නාච්චාදූව වැව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන් 200කට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.
වියළි කාලගුණයත් සමඟ වැවේ ජල මට්ටම පහළ යෑම සහ ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මත්ස්‍ය අස්වැන්න සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 14 ත් 15 ත් අතර මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුවද, මේ වන විට කිලෝග්‍රෑම් 4 කට ආසන්න ප්‍රමාණයක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ධීවරයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් තම දෛනික ආදායම දැඩි ලෙස පහළ බැස ඇති බවත්, පවුල්වල දෛනික අවශ්‍යතා සපුරා ගැනීම මෙන්ම දැඩි උණුසුම් කාලගුණයක් යටතේ වැව මැද ධීවර කටයුතුවල නිරත වීම අසීරු වී ඇති බවත් ඔවුහු සඳහන් කරති.














