උතුරු පළාතට බලපා ඇති දැඩි නියං කාලගුණික තත්ත්වය හමුවේ වවුනියාව දිස්ත්රික්කයේ කුඩා වැව් 50කට අධික ප්රමාණයක් මේ වන විට පූර්ණ වශයෙන් සිඳී යමින් පවතියි.
ඒ අනුව පිරානන්කුලම, පාලේමොට්ටේ, කුරුන්දංකුලම, පුලියන්කුලම, නාවක්කුලම සහ පඩුකාට්ටුකුලම වැනි වැව්වල ඉතා ස්වල්ප ජල ප්රමාණයක් පමණක් ඉතිරිව ඇති අතර, තවත් සතියක් පමණ තුළ ඒවා සම්පූර්ණයෙන්ම සිඳී යා හැකි බව ප්රදේශවාසීහු පෙන්වා දෙති. දිස්ත්රික්කයේ මහ වැව්වලද ජල මට්ටම සීග්ර ලෙස පහළ යමින් පවතින අතර, දැඩි නියඟය නිසා වන සතුන් ද දැඩි පීඩාවට පත්ව සිටිති. කෙසේ වෙතත්, මේ වන තෙක් පානීය ජල හිඟයක් මතුව නොමැති බව දිස්ත්රික් ආපදා කළමනාකරණ නිලධාරීහු සඳහන් කරති.














