බුලත්සිංහල ප්‍රාදේශීය සභාව මඟින් බුලත්සිංහල නගරයේ ඉදිකරනු ලබන දේශීය නිෂ්පාදන අලෙවිසලෙහි දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ආදායම් උත්පාදන ප්‍රතිපාදන යටතේ මිලියන 25කට ආසන්න මුදලක් මේ සඳහා වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ දේශීය නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමත්, ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමත් අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර සහ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














